Saturday, 22 April 2017

පොලොන්නරුව, පරාක්‍රම සමුද්‍රය හා වැවට අකුණු ගැසිම






පොලොන්නරුව මගෙ හිතෙ අමතක නොවන මතක සටහන් ඇන්ද නගරයයි. හරියටම කිව්වොත් කවදාවත්ම අමතක නොවන, ජීවිතෙ ලස්ස්නම කාලෙ ගෙවුනෙ පොලොන්නරුව හා අවට ඇති පුංච්ම පුංචි ගම්මාන වලයි. අවුරුදු වලින් ගනින්නට බැරි තරම් අඩු කාලයක් ගෙවුනත් ජීවිතෙ ජීවත් කරවන්න අරුතක් මට හොයලා දුන්නු කාලයක් ඒ. එයින් වාඩාත්ම හිතට වද දුන්න මැණිකෙ නැන්දගෙ ආදරය ගැන ලියලා මම හිත නිදහස් කර ගත්තෙමි. සිදුවීම් එකින් එක පෙලගස්වා ලියන්නට තරම් නොහි අතීතෙට එක්වුනු ජීවිත මතක හාරා අවිස්සිමම හිතට සුවදායකය. 

අපේ පුංචි ඔඩිට් ෆර්ම් එක, මගෙ මුල්ම රස්සාවයි. පොඩි පඩියකට වැඩ කලත් එ රස්සාවෙ ආත්ම තෘප්තිය ඕනෑවටත් වඩා තිබුණා. මහවැලිය අතුරු ව්‍යාපෘතියක ඔඩිට් එක ලැබිලා යන්න කැමති ළමයි කියන්න කියලා සර් කිව්වාම ඉහෙ මලක් පිපුනෙ මගෙ විතරක් නෙමෙයි. මගෙ වටෙ හිටපු හොදම යහලුවන් කිහිප දෙනාත් දෙපාරක් නොසිතාම මෙ ගමනට කැමැත්ත පල කරෙ සතුට දෙගුන තෙගුන කරමින්. ඉක්බිතිව එලබෙන සතිඅන්තයෙ පොලොන්නරුව බලා පිටත් වීමට නියමිත උනත් මටත් දින්නාටත් යාන්නට ලැබුනෙ සතියකට පසුවයි.

පාන්දර 4.20ට විතර කඩවත පසු කරන 'සුදු දුව' බසයේ දින්නා කලින් කොන්දොස්තර මහත්තයයි. (එදා එහෙම උනත් අද දින්නා තම නමටම ව්‍යාපාරයක් අයිති කරගෙන සිටියි). හරියටම 8.30 ට පොළ හන්දියෙන් හරවන 'සුදු දුව' පැය හතරට පොලොන්නරු යන්නිය. තේ බොන්නට වත් නොනවත්වන ඇය එක දිගට පොලොන්නරුව බලා ඇදුනත් මගින් ගොඩවෙන නංගිලාගෙ අතින් වැලිතලප කෑල්ලක්, හැලපයක්, ලැවරියාවක් රියදුරු අයියාට හා කොන්දොස්තර අයියාට වරදින්නෙම නැත. රියදුරු අයියාට නම් ඔය කිසිවක් අතෙ නොගෑවිම බඩට දමා ගත හැක. එ ගැන පුංචි ඉරිසියාවක්ද නැතුවාම නෙමෙයි... සර්ගෙ අයියා පදිංචි වෙලා උන්නෙත් පොලොන්නරුව නව නගරයෙ නිසා අපිට නවාතැන් පහසුකම් දෙන්න ඉදිරිපත් වෙලා තිබුණෙ නොපැකිලිවමයි. ඉන් පසු අපේ නවාතැන උනේ පොලොන්නරුව නව නගරයේ එක් මායිමකයි.

සතියකින් නොදැකපු උන් ටික එක්ක ආගිය තොරතුරු කතා කරන්න නොදී මුලින්ම හරස් කැපුවෙ චාමර අයියායි.

ශොටක් දාගනින්කො දෙන්නත් එක්කම. වැවෙ නාන ගමන් කතා කරමු.

බොන ගමන් කතා කරමු එක අහලා තිබුනත් නාන ගමන් කතා කරමු අහන්නෙ පලවෙනි පාර්ට නිසා දින්නා මගෙ මූන දිහා බලුවත් වැවෙ කිව්ව නිසා ආයෙ මොකට ඒ ගැන දෙපාරක් හිතන්නද.

සුදු වැලි පාර දෙපත්තෙ අතු පතර ගණට විහිදා ගත් දැවන්ත සියඹලා හා තෙක්ක ගස්, ඈතින් ඈත වන්නට තියෙන පලු දෙකෙ ගෙවල්, උණ බම්බු දෙකෙ කඩුල්ල තරමක් නගරික අපිට කතා කරන්නට තරම් මාතෘකා වන්නට වුනෙ රුපවාහිනියෙ ටෙලියෙන් දැකපු රූප ඇත්තටම අස් ඉදිරිපිට රූප මවමින් තිබුණු නිසා. උසට උසෙ වැව් බන්ට් එක පේන මානයෙ ඇති හැම ගෙයකම සිමෙන්ති පඩියට උඩින් බිත්තියෙ කහට පැල්ලම වැව වාන් දැමු ආකාරය නිදසුන් සහිතව ගෙනහැර දැක්වූවා. වැව් බන්ට් එක උඩට නැගගත් මට තරමක් සිදි ගිය පරාක්‍රම සමුද්‍රය හා ඈතින් සමුද්‍රයේ මැදට වෙන්නට ඇති කඳු ගැටයක ඇති පුංචි පන්සලක් මුල් වරට දැක ගත හැකි උනා. එදායින් පසු නව නගරෙ උන්න හැම දවසකම උදෙ හවස නාන්න, රෙදි හොදන්න, හවසට බීර බෝතලයක් බොන්නට සමුද්‍රෙට එන එක අපි හැම දෙනාගේම පුරුද්දක් උනා.

දිනෙන් දින ගෙවිලා ගිහින් වැවෙ තරමක් මැද හරියෙන් ඇවිදගෙන යන්න පුළුවන් දුරින් පුංචි දූපතක් මතු උනා. එ පුංචි ඉඩන් කෑල්ල තමයි ඉන් පස්සෙ අපෙ සුපුරුදු ස්ථනය උනෙ. සෙට් එකෙ උන්න හීන්දාරියා නිසාම මාව අනිත් උන් ටික උස්සලා අරන් පුලුවන් තරම් දුරක් විසික් කරන එක දින චරියාවෙ කොටසක් උනා. මමත් බෙරී සිටිමට පුංචි වත් උත්සහයක නොයෙදුනෙ උඩින් විසිවි වතුරට වැටිමට බෙහෙවින්ම ආශාකල නිසා. නැවතත් පීනාගෙන දූපතට එන මම දෙතුන් වරක් වත් වතුරට විසි වෙන්නෙ අහල පහල රෙදි හොදන්නට හො නෑමට ආ ගම්මුන්ගෙ සිනා හඩ මැදයි. 

සමුද්‍රෙන් නාපු අවසන් දිනය එලඹුන, වටින් පිටින් වැහි මන්දාරම්ක් ගලා ආ දිනය මට අද වාගෙ මතකය. වෙනදා මෙන් නාන්නට යන්නට සර්ගෙ අයියා හරස් කැපුවෙ වැස්ස වටෙන්නට ලග බව මතක් කර්මින්. වැස්සෙ වැවෙ නෑම වෙනස්ම අත්දැකීමක් ගෙනන බව දන්න නිසාම අකුණු අවදානමත් නොතකා වැව පැත්ටට ඇදුනා. ගම්මුන් එක්කෙනා දෙන්නා නෑම් අහවර වෙලා ගොඩට එද්දි නාන්නට යන මෙ තරුණයන්ට අකුණු අවදානම මතක් කලෙ පොලොන්නරුවට අලුත් බව නොරහසක් නිසා. වැවේ වතුර දිනෙන් දින අඩු වෙද්දී වතුර ලගට ගෙනත් තියපු පැතලි ගල් ගම්මුන් හා එක්ව වැව් බන්ට් එක ලගින් ගෙනත් තිබ්බෙ එ ගල් වතුරට යට වී නැවත ප්‍රයොජනයට ගත නොහැකි වීම වලක්වීමටයි. වෙනදා වගෙම වතුරට පැනලා උන්නු අපිට මහා හෙනයක හඩ ඇසි තත්පර කීපයකින් 'කරන්ට් එක වැදුනා' යයි කෑගසමින් ගොඩට පැන්නේ මරණ බය දැනුනු ගානටයි. අකුණෙන් විනාඩියකට පමණ පසු වැස්ස වැටෙන්නට පටන් ගත් අතර එක දිගට නොනවත්වා සතියක් විතර වැස්සේය.

විස්තරය කී කල සර්ගේ අයියා නම් කිව්වේ සමුද්‍රේ මැද තියෙන පුංචි පන්සල තියෙන දුපත ඒ හරියේ තියෙන උසම තැන නිසා අකුණු සන්නයකයක් මගින් අකුණ වැව පතුලට මුදා හරින නිසා අකුණේ සැර අනුව වතුරේ පැතිරිය හැකි බව හා ගම්මුන් කිහිප දෙනෙක්ම වැස්සේ වැවේ නා අපි වාගේම ලාවට අකුණු වද්දගෙන ඇති බවත්ය.

32 comments:

  1. Replies
    1. වාසිතයගෙ කොමෙන්ට් එකෙ ++++ විතරයි පෙනෙන්නෙ....

      Delete
  2. ෂා.. අනේ මන්ද මචං මට සොභාව සෞන්දර්යය එක්ක හෙනම මෙව්ව එකක් තියෙනව. මෙව්ව එක කොයිතරම්ම දරුණුද කියනවනම් මගේ කාලයක් හොබී එක වෙලා තිබ්බ මිනිස් කටහඬක් නැති දුරම දුර ලොකේෂන් වලට ගිහිං තට්ට තනියමේ ටෙන්ට් එකක් ඇතුලට වෙලා රැයවල් කිහිපයක් ගත කරන්ට. ඒ අමාරුව හොඳ කරගත්ත හොඳම එකෙන්.

    උබේ ස්ටෝරිය නම් මාරු.

    ආයෙ එන්නං

    👊🏽

    ReplyDelete
    Replies
    1. තටට තනියම හුදකලාව විදින් එක තරම් සතුටක් තවත් නෑ ටික්කා. මමත් හරි කමතිම දෙයක්. බොහොම ස්තුතියි මෙ පැත්තෙ ඇවිත් ගියට....

      Delete
  3. ෂා ...නියමයි

    ජය වේවා ..!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුමුදු...

      Delete
  4. වැවේ සීතල ජලය මතුපිට පීන පීනා ගිය අගේ
    නොවේ අකුණක බියක් රැඳුණේ යාළුවන් හා ජල ඳගේ
    දිවේ මතකය අතීතය වෙත එදා සැවොම තුටු වූ රඟේ
    සුවේ කොයිබද නගරයක අද ගමේ සුන්දර බව හැඟේ.......

    කලින් කතාව වගේම අපූරුයි පිලෝ. ඒ අතීත සැමරුම් බලද්දි කියවද්දි සතුටක් දැනෙන්නේ. රහයි ලියමන.
    නැවතීමේ තිත, කොමාව එහෙම තියෙන තැන් ගැන ටිකක් සැළකිලිමත් වෙන්න පිලෝ. ඒක ලිපියේ රසයට බාධාවක් වෙන්න පුලුවන්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි වැරදි දුටු තැන පෙන්නලා දෙන එකට. හැම කවියක් වගෙම දුමිගෙ මෙ කවියත් හරි රසවත්. ආතීත සැමරුම් මතක් කිරිම හිතට කොච්චර නම් සනීපද දුමී

      Delete
  5. ලියන බසයි කතා කරන බසයි පැටලෙන ගතිය ටිකක් හදාගත්තනං හරි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වැරදි පෙන්වලා දෙනවාට. ප්‍රවීන අය අලුත් අයගෙ වැරදි පෙන්වලා දීලා හදන්න උත්සහ ගැනීම ගොඩක් අගය කරනවා.

      Delete
  6. වයසක අයියල කීවෙ නැද්ද කළු පසුබිමේ සුදු අකුරු කියවන්න අමාරුයි කියල

    ReplyDelete
    Replies
    1. නැනෙ උඩුවා. අමරුයි නම් වෙනස් කරන්නම්

      Delete
  7. උදුවගෙ කතාවට මමත් එකඟයි ෆිලෝ...කතාවේ අනතර්ගය බොහොම වින්දා...නමුත් ලියද්දි එක ආරයක් පවත්වා ගන්න උත්සාහ කළා නම්, තවත් රහ වේවි...ලියන දේ පෝස්ට් කරන්න කලින් සීරුවේ කියවල තමන්ම විඳින්න උත්සාහ කරන්න...එහෙම උනාම මේ වගේ අඩුපාඩු හොයාගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොකුරු වැහි. ගොඩක් සතුටුයි වැරදි අඩුපාඩු පෙන්නලා දෙනවාට.

      Delete
  8. ෂහ් වැවක නාන එක තරම් ආතල් එකක් තවත් කොහෙද. ඉඳලා හිටලා පොඩි මාලුවෝ කකුල් වලට කොටන කොට තමයි පට්ට.

    ReplyDelete
    Replies
    1. හික් ඇත්ත කුරහන්. පුංච් හරි තුවාලයක් තිබ්බොත් ඉතින් ඉවරයි. ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට.

      Delete
  9. සර් කියන කෙනාට නමක් හෝ තනතුරක් නැද්ද? අපි ඔහු කවුද කියලා දැනගන්නේ කෙලෙසද? කෙනෙක්ව නමින් හෝ තනතුරින් හැඳින්වීම පවක්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට නම් ගම් නොලියා ලියන්න ඕන උනා හැලප. එකයි මන් නොලිව්වේ. මම ඒ වැරදි අඩුපාඩු ටික හදන්නම්. බොහොම ස්තුතියි...

      Delete
  10. https://www.reddit.com/r/askscience/comments/1mm794/when_lightning_hits_a_large_body_of_water_how_far/

    ReplyDelete
    Replies
    1. ඇත්ත pra jay. එත් අපි උන්නේ ඉනක් තරම් ගැඹුරේ...

      Delete
  11. පොලොන්නරුවට ගිහින් තියෙන්නෙ එකම එක පාරයි. ඒ ගිය දවසෙත් මේ තැනට ගිහින් ඒ පරිසරය බොහොම අපූරුවට වින්දා..අපූරුයි මේ කතාව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සදවති. හැබයි එ සුන්දරත්වය දැන් තියෙනවද සැකයි.

      Delete
  12. සංචාරක්යෙක් හැටියට කිහිප විටටක් පොළොන්නරුවේ කරක් ගහලා තියෙනවා. ඇත්තටම මම ලංකාවේ හරිම කැමැති ප්‍රදේහයක් තමයි පොළොන්නරුව කියන්නේ. අත්තීත නටඹුන් වුනත් හරිම අපූරුයි අනුරාධපුරයට වඩා මම කැමැතියි.
    මේ කියන විදියට ගමේ ගෙදරක දින කීපයක් ගත කරන එකනම් හිතා ගන්න බැරි තරම් අපූරු අත්දැකීමක් වෙන්න ඕනේ.

    කාලෙකින් යන්න බැරි වුනා, ආයෙත් යන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අත්තටම නයනෙ මම මාස කිහිපයක්ම හිටියා. මමත් ඉතාම ආස කරන පලාතක් තමයි පොලොන්නරුව. ස්තුතියෙ මෙ පැත්තට අවිත් ගියාට

      Delete
  13. හීන්දැරි එකා...පිස්සු වගේ පිලෝ....අවුලක් නෑ මන් ඒ පරණ පින්තූරත් දැකලා තියෙන නිසා හොදයි.........

    ReplyDelete
    Replies
    1. ඉස්සර කෙට්ටුයිනෙ බන් මන්...

      Delete
  14. ඔබේ අත්දැකීම් අපිට රසට දෙනවට ස්තූතියි..
    කතාවේ ගලායෑම හුඟක් හොඳයි.. පොස්ට් කරන්න පෙර කියවන්න දෙතුන් වරක්ම. පෙර උඩුවා වගේම වැහිබිඳුත් කියලා තිබ්බ බසේ වෙනස් වීම් ටිකක් විතර දැනෙනවා.. එතකොට කතාවේ රසයට හානියක් වෙනවා...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරු. වැරදි අඩුපාඩු කීයලා දෙනවට බොහොම ස්තුතියි...

      Delete
  15. රස්තියා තමයි එන්න පාර කිව්වෙ ... මේ ලියන දේවල් හිතේ ඇඳිලා පේනකොට ලොකු ඉරිසියාවක් දැනුණා :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කණ්ඩා මෙ පැත්තට ඇවිත් ගියාට...

      Delete