පොලොන්නරුව මගෙ හිතෙ අමතක නොවන මතක සටහන් ඇන්ද නගරයයි. හරියටම කිව්වොත් කවදාවත්ම අමතක නොවන, ජීවිතෙ ලස්ස්නම කාලෙ ගෙවුනෙ පොලොන්නරුව හා අවට ඇති පුංච්ම පුංචි ගම්මාන වලයි. අවුරුදු වලින් ගනින්නට බැරි තරම් අඩු කාලයක් ගෙවුනත් ජීවිතෙ ජීවත් කරවන්න අරුතක් මට හොයලා දුන්නු කාලයක් ඒ. එයින් වාඩාත්ම හිතට වද දුන්න මැණිකෙ නැන්දගෙ ආදරය ගැන ලියලා මම හිත නිදහස් කර ගත්තෙමි. සිදුවීම් එකින් එක පෙලගස්වා ලියන්නට තරම් නොහි අතීතෙට එක්වුනු ජීවිත මතක හාරා අවිස්සිමම හිතට සුවදායකය.
අපේ පුංචි ඔඩිට් ෆර්ම් එක, මගෙ මුල්ම රස්සාවයි. පොඩි පඩියකට වැඩ කලත් එ රස්සාවෙ ආත්ම තෘප්තිය ඕනෑවටත් වඩා තිබුණා. මහවැලිය අතුරු ව්‍යාපෘතියක ඔඩිට් එක ලැබිලා යන්න කැමති ළමයි කියන්න කියලා සර් කිව්වාම ඉහෙ මලක් පිපුනෙ මගෙ විතරක් නෙමෙයි. මගෙ වටෙ හිටපු හොදම යහලුවන් කිහිප දෙනාත් දෙපාරක් නොසිතාම මෙ ගමනට කැමැත්ත පල කරෙ සතුට දෙගුන තෙගුන කරමින්. ඉක්බිතිව එලබෙන සතිඅන්තයෙ පොලොන්නරුව බලා පිටත් වීමට නියමිත උනත් මටත් දින්නාටත් යාන්නට ලැබුනෙ සතියකට පසුවයි.
පාන්දර 4.20ට විතර කඩවත පසු කරන 'සුදු දුව' බසයේ දින්නා කලින් කොන්දොස්තර මහත්තයයි. (එදා එහෙම උනත් අද දින්නා තම නමටම ව්‍යාපාරයක් අයිති කරගෙන සිටියි). හරියටම 8.30 ට පොළ හන්දියෙන් හරවන 'සුදු දුව' පැය හතරට පොලොන්නරු යන්නිය. තේ බොන්නට වත් නොනවත්වන ඇය එක දිගට පොලොන්නරුව බලා ඇදුනත් මගින් ගොඩවෙන නංගිලාගෙ අතින් වැලිතලප කෑල්ලක්, හැලපයක්, ලැවරියාවක් රියදුරු අයියාට හා කොන්දොස්තර අයියාට වරදින්නෙම නැත. රියදුරු අයියාට නම් ඔය කිසිවක් අතෙ නොගෑවිම බඩට දමා ගත හැක. එ ගැන පුංචි ඉරිසියාවක්ද නැතුවාම නෙමෙයි... සර්ගෙ අයියා පදිංචි වෙලා උන්නෙත් පොලොන්නරුව නව නගරයෙ නිසා අපිට නවාතැන් පහසුකම් දෙන්න ඉදිරිපත් වෙලා තිබුණෙ නොපැකිලිවමයි. ඉන් පසු අපේ නවාතැන උනේ පොලොන්නරුව නව නගරයේ එක් මායිමකයි.
සතියකින් නොදැකපු උන් ටික එක්ක ආගිය තොරතුරු කතා කරන්න නොදී මුලින්ම හරස් කැපුවෙ චාමර අයියායි.
ශොටක් දාගනින්කො දෙන්නත් එක්කම. වැවෙ නාන ගමන් කතා කරමු.
බොන ගමන් කතා කරමු එක අහලා තිබුනත් නාන ගමන් කතා කරමු අහන්නෙ පලවෙනි පාර්ට නිසා දින්නා මගෙ මූන දිහා බලුවත් වැවෙ කිව්ව නිසා ආයෙ මොකට ඒ ගැන දෙපාරක් හිතන්නද.
සුදු වැලි පාර දෙපත්තෙ අතු පතර ගණට විහිදා ගත් දැවන්ත සියඹලා හා තෙක්ක ගස්, ඈතින් ඈත වන්නට තියෙන පලු දෙකෙ ගෙවල්, උණ බම්බු දෙකෙ කඩුල්ල තරමක් නගරික අපිට කතා කරන්නට තරම් මාතෘකා වන්නට වුනෙ රුපවාහිනියෙ ටෙලියෙන් දැකපු රූප ඇත්තටම අස් ඉදිරිපිට රූප මවමින් තිබුණු නිසා. උසට උසෙ වැව් බන්ට් එක පේන මානයෙ ඇති හැම ගෙයකම සිමෙන්ති පඩියට උඩින් බිත්තියෙ කහට පැල්ලම වැව වාන් දැමු ආකාරය නිදසුන් සහිතව ගෙනහැර දැක්වූවා. වැව් බන්ට් එක උඩට නැගගත් මට තරමක් සිදි ගිය පරාක්‍රම සමුද්‍රය හා ඈතින් සමුද්‍රයේ මැදට වෙන්නට ඇති කඳු ගැටයක ඇති පුංචි පන්සලක් මුල් වරට දැක ගත හැකි උනා. එදායින් පසු නව නගරෙ උන්න හැම දවසකම උදෙ හවස නාන්න, රෙදි හොදන්න, හවසට බීර බෝතලයක් බොන්නට සමුද්‍රෙට එන එක අපි හැම දෙනාගේම පුරුද්දක් උනා.
දිනෙන් දින ගෙවිලා ගිහින් වැවෙ තරමක් මැද හරියෙන් ඇවිදගෙන යන්න පුළුවන් දුරින් පුංචි දූපතක් මතු උනා. එ පුංචි ඉඩන් කෑල්ල තමයි ඉන් පස්සෙ අපෙ සුපුරුදු ස්ථනය උනෙ. සෙට් එකෙ උන්න හීන්දාරියා නිසාම මාව අනිත් උන් ටික උස්සලා අරන් පුලුවන් තරම් දුරක් විසික් කරන එක දින චරියාවෙ කොටසක් උනා. මමත් බෙරී සිටිමට පුංචි වත් උත්සහයක නොයෙදුනෙ උඩින් විසිවි වතුරට වැටිමට බෙහෙවින්ම ආශාකල නිසා. නැවතත් පීනාගෙන දූපතට එන මම දෙතුන් වරක් වත් වතුරට විසි වෙන්නෙ අහල පහල රෙදි හොදන්නට හො නෑමට ආ ගම්මුන්ගෙ සිනා හඩ මැදයි.
සමුද්‍රෙන් නාපු අවසන් දිනය එලඹුන, වටින් පිටින් වැහි මන්දාරම්ක් ගලා ආ දිනය මට අද වාගෙ මතකය. වෙනදා මෙන් නාන්නට යන්නට සර්ගෙ අයියා හරස් කැපුවෙ වැස්ස වටෙන්නට ලග බව මතක් කර්මින්. වැස්සෙ වැවෙ නෑම වෙනස්ම අත්දැකීමක් ගෙනන බව දන්න නිසාම අකුණු අවදානමත් නොතකා වැව පැත්ටට ඇදුනා. ගම්මුන් එක්කෙනා දෙන්නා නෑම් අහවර වෙලා ගොඩට එද්දි නාන්නට යන මෙ තරුණයන්ට අකුණු අවදානම මතක් කලෙ පොලොන්නරුවට අලුත් බව නොරහසක් නිසා. වැවේ වතුර දිනෙන් දින අඩු වෙද්දී වතුර ලගට ගෙනත් තියපු පැතලි ගල් ගම්මුන් හා එක්ව වැව් බන්ට් එක ලගින් ගෙනත් තිබ්බෙ එ ගල් වතුරට යට වී නැවත ප්‍රයොජනයට ගත නොහැකි වීම වලක්වීමටයි. වෙනදා වගෙම වතුරට පැනලා උන්නු අපිට මහා හෙනයක හඩ ඇසි තත්පර කීපයකින් 'කරන්ට් එක වැදුනා' යයි කෑගසමින් ගොඩට පැන්නේ මරණ බය දැනුනු ගානටයි. අකුණෙන් විනාඩියකට පමණ පසු වැස්ස වැටෙන්නට පටන් ගත් අතර එක දිගට නොනවත්වා සතියක් විතර වැස්සේය.
විස්තරය කී කල සර්ගේ අයියා නම් කිව්වේ සමුද්‍රේ මැද තියෙන පුංචි පන්සල තියෙන දුපත ඒ හරියේ තියෙන උසම තැන නිසා අකුණු සන්නයකයක් මගින් අකුණ වැව පතුලට මුදා හරින නිසා අකුණේ සැර අනුව වතුරේ පැතිරිය හැකි බව හා ගම්මුන් කිහිප දෙනෙක්ම වැස්සේ වැවේ නා අපි වාගේම ලාවට අකුණු වද්දගෙන ඇති බවත්ය.