Monday 28 November 2016

දෙකක් නැමුවොත් සින්දුවක්



මාසයකට දෙතුන් සැරයක් විතර 'වික් එන්ඩ්' එකේ ඇළ අයිනේ තද පාට බෝතලයක් වටා එකතුවන සෙට් එකේ 'චෝකයා' මෙහි කතානායකයයි. සිංහල හෂාවේ වචන මැරීමට උපන් හපන් කම් දක්වන නිසාම දන්නා කාලේ ඉඳලා ඌට චෝකයා ලෙසට වෙනත් නම් යටතේ ලියාපදිංචි වී තිබුණි. වඩි දෙකක් විතර හුවමාරු වූ පසු 'ලකා' සින්දුවක් කියමු කියමින් 'බොන්ගෝ' එක ගෙනත් බලෙන් හරි කරට දම්මවන අතර, මේ ඊට පසු ඇති වන තත්වයි.

ලකා - හරි චෝකේ කියමු
බසියා - අඩෝ චෝකේ උබ ඉදපන් ලකා කියයි
චෝකේ -  ලකා මන් එකක් අල්ලන්නද?
ලැම්බා - මේ චෝකේ වඳින්නම් කට වහගෙන ඉන්නවද?
චෝකේ  - පෙම් රජ දහනේ අහස් මාලිගා...

(ලකා බොන්ගෝ එක ගහන්න පටන් ගන්නවාත් සමගම)

බසියා - අනේ නවත්තපිය ඕක. ගිය සතියෙත් ගැහුවා නේද බං.
චෝකේ - ඉතිං මොකෝ? උබලට ගිය සතියෙත් ඕල්ඩ් එකක්ම ගහල මේ සතියෙත් ඕල්ඩ් එකක් ගහන්න හොඳයි එකම සින්දුව කියන්න හොඳ නෑ
රංග - යකෝ අහල පහල මිනිස්සුත් අහගෙන ඉන්නවනේ, එකම සින්දුව අහලා කට පාඩම් උනොත් එක අනිත් ගායකයන්ට කරන අසාධාරණයක්. එක නිසා වෙන එකක් ගහමු. ලකා උබ අල්ලපන්

(ලකා සින්දුවක මුල් වාදනයෙන් පටන් ගනියි)

චෝකේ - ලකා මේක අල්ලපන්, අමර පෙම් ලතාවේ ...
ටානා - යකෝ තොගේ වෙළඳ සේවේ වහගන්කෝ. මුට කෝමා එකක් වත් හැදිලා හිටියද බං අලුත් සින්දු දන්නේ නැත්තේ?
ලකා - හරි මන් අල්ලන්ම්කො... පෑදී දියේ ඔබේ නිර්මල හදවත විනිවිද දකින්නම්...

(සියල්ලෝම ගායනයට සහභාගී වෙයි. සින්දුව අවසන් වූ පසු)

චෝකේ - ලකා මට එකක් අල්ලන්න දීපන්කො බන්
ලකා - ඉඳපන් සිගරට් පාරක් ඇද ගන්නකන්. නැත්නම් උබල කියන්න පටන් ගත්තාම දිගටම බොන්ගෝ එක ගහන්න තමයි වෙන්නේ
චෝකේ - ලකා 'චන්දන සිහින ගගේ ප්‍රේම දියේ ගහමු ඈ.. (තාලයට කියා පෙන්වයි)
සනීල - පොඩ්ඩක් ඉඳපන්. මොකක්ද උබ කිව්වේ?
චෝකේ  - චන්දන සිහින ගගේ ගහමු...
සනීල - යකෝ චන්දන නෙමෙයි නන්දන
චෝකේ - ඉතිං එක තමයි කිව්වේ. ගහමු ලකා
ටානා - මේ.. මේ.. එච්චර ෆාස්ට් නම්බර්ස් ගහන්න මොකෝ උබට වැඩිද? දෙකනේ නැමුවේ
චෝකේ - මුන් එක්ක බෑ බං ලකා මන් යනවා බං යන්න

වේගයෙන් බයික් එක පනගන්වා ගෙන යන චෝකයා දිහා කට්ටිය බලන් හිටියා මිසක් මුකුත් කිව්වේ නෑ. විනාඩියකට විතර පස්සේ බසියා බයික් එකෙන් පස්සෙන් පන්නුවත් අපහු ආවේ හිස් අතින්. කාටවත් සින්දුවක් කියන්න උවමනා පාටක් නැ. කට්ටියම හිත අතුලෙන් තමන්ටම දොස් පවරා ගත්ත මිසක් කාටවත් දොසක් කිව්වේ නෑ. නොහිතපු මොහොතක බයික් එකෙන් බැහැලා එන චෝකයා, සාක්කුවෙන් ගත් සිගරට් 10ක් ඇති පැකට් එකක් ස්ටුලයට විසි කරන්නේ මුකුත් නොවුන ගානටය.

බසියා - අම්මට චෝකේ. උබම කියපන් සින්දු ටික ඈ.. මම උබව බලන්න ගෙදරත් ගියා යකෝ. 
ලකා - මේ ඔක්කොමල්ලා සින්දුවට සෙට් වෙයන් හොඳේ.. පෙම් රජ දහනේ අහස් මාලිගා...

(චෝකයාද සින්දුවට එකතු වෙයි)

ප.ලි. - කොල්ලෝ සෙට් එකේ ඉන්න තරහවක් වෛරයක් කිතේ නොගැවුණු මු ගැන පුංචි මතකයක් විතරයි මේ. අවුරුදු ගානකට පසු අදටත් සෙට් උන වෙලාවක විරෝදධතා මැද මුගේ මේ සින්දු සෙට් එකම අහන්න පුළුවන්.








Sunday 27 November 2016

තවකෙකු වෙනුවෙන්...




ප්‍රාර්ථනා මහ කන්දේ අතරමං  වී
මුදුනට නගින්නට සවියක් පතුවෙමි මා
දහසකුත් බලපොරොත්තු සපුරන්නට
පැමිනි සපුමල් කුමරුනි නුඹ මාගේ…

පළමු බැල්මෙන්ම නුඹට පෙම් බැදී
තැබු උණුසුම් හාදුවෙන්ම දැස පෙගී
සිහින මැව්වෙමි යහන් ගැබ තුල
දෑගිලී ගනිමින් නුඹෙම වන්නට…

කදුළු සෘතුවෙන් පසු එන වසන්තය
දොතින්ම තුරුලු කර ගනිමි මා
දෑස් මානෙන් ඈත් වන්නට එපා කිසිදින
හද පෙලයි කදුලින් මා…

Saturday 26 November 2016

ආදරයෙ ග්‍රහ මාරුව

        
        


                 අවටින් ඇහිදින්නට තියෙන අද කාලෙ තාරුණ්‍යයේ ජිවිත කතා තුල ආදරයට ප්‍රතිශතාත්මකව ලොකු ඉඩක් තිබුණත් හරි යන්නෙ ඉතා කුඩා ආදර කතා ටිකක් විතරයිනෙ.  ඕක ඉතින් අපි හැමොම දන්න සත්‍යය. ආදරයට භාවිතා කරන ප්‍රධානතම ආම්පන්නය ඉතින් ජංගම දුරකතනයනෙ. තාකෂණයෙ දියුණුව ආදරයට විතරක් අත නොතියා ඉදිවිද මුළු ලොකයම ග්‍රහනය කරගෙන ඉදිද්දි.  එකත් එහෙම නම් ඉතින් ඇයි අපි හැමෝම ළඟ ජංගම දුරකථන තිබිලත් බොහෝ ආදර කතා බිඳවැටෙන්නේ? 
                  එහෙනම් අද තත්වය? කෙටි පනිවුඩයකට පිළිතුරක් යවන්න මොනයම් හරි හේතුවක් නිසා විනාඩි 20-30 ප්‍රමාද උනොත් මිස් කෝල් 20යි බැනලා කෙටි පණිවුඩ 05යි. දුක සැප බෙදාගන්නවා වගේ Facebook Account එකත් දෙකට බෙදාගෙන පාවිච්චි කරන්නේ. ඒ තරමට දෙන්නට දෙන්න ෂුවර්. හදිස්සියේවත් සවස 7න් පස්සේ සමිපතමයෙක්ගේ ප්‍රිය සාදයකට සහභාගී වෙන්න උනා කියමු, ගිහින් පැයෙන් පැයට මිස් කෝල් ගහන්නයි, කෑවද කියල අහන්නයි, දැන් මෙහෙන් පිටත් උනා තව පැය බාගයකින් ගෙදර කියන්නයි අවශමයි. පවුලේ සැම එකට සිට සහභාගී වුවද තත්වය ඒසේමය. අනෙක් වැඩිහිටියන්ට හොරෙන් කරන්නත් එපැයි නැතිනම් ඉතින් වසලා හමාරයිනේ.ආදරයේ මානසික සිරකරුවන් වෙලා. මොන ආදරද බං මෙව්වා? බොහෝ දෙනා කොන්දේසි විරහිතව ආදරය කරන්නේ නැ. එකයි සම්බන්දතා මෙහෙයවන්න මෙවලම් තිබ්බත් සම්බන්දතා ශක්තිමත් නැත්තේ. තමන්ගේම ආදරය ගැන විශ්වාසයක් නැති මිනිස්සු තව කෙනෙක් ගැන විශ්වාස කරයිද?  
                    බොහෝ දෙමව්පියන් තම දරුවන්ගේ අනාගතය පලතුරු වට්ටියේ තියලා, රතු මල් මාලාව දාලා, හඳුන්කූරු පත්තු කරලා, රුපියල් 500 කොලේ කපු මහත්තයට පෙන්න තියලා, රාශි දොලහටයි, සෞරග්‍රහ මණ්ඩලයේ දැනට ඇතුලත් හා අනාගතයේ සොයා ගැනීමටද නියමිත ග්‍රහ වස්තූන්ට හා තිස් තුන් කෝටියක් දෙවිවරු අතට පත් කොට අවසානයි. මේ බුද්ධ වචනයට සාදු කියන හේතු ඵල දහම දහම් පාසලෙන් උගත් බෞද්ධයන් වීමයි උහාසයට කරුණ. පෙර පිනකට මංගල දැන්වීම් තීරුවක් තියෙන්නේ. අම්මා කැමති උනොත් තාත්තා කැමති නැ. දෙන්නම කැමති වීම ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන පවුලේ නම්බුවට හොඳ නෑනේ. එහෙමත් නැතිනම් තම දරුවාගේ අනාගත සහකරුවා හෝ සහකාරිය නිශ්චිත රාමුවකට කොටු කරලා එහි ඇතුලත් වගන්ති සමඟ සසඳා බලා 75% සමාන්‍යයකට හා ඉතා ඉහල Z-Score අගයකට කැමැත්ත ලබා දෙයි. ෴ 
කොන්දේසි විරහිතව ආදරය කරන චරිත පරිකල්පනීය අදහසක් විතරක්ම වෙලා. සබඳතා පවත්වා ගන්නවාට වඩා බිඳවැටෙනවා වැඩියි. විරහා ගිත මිනිස්සුන්ට දැනෙනෙව වැඩි වෙන්නටත් ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. සම්බන්දතා අතිවීම, පවතීම, නැතිවීම අතීශය සාමාන්‍ය දේවල්නේ. ලොව බුද්ධිමත්ම ජීවියා හැටියට මීට වඩා මද්‍යස්ථව හිතන්න වෙයි. නැතිනම් තමන් විසින්ම තමන් ආදරය කරන කෙනාගේ නැතිනම් තමන්ගේම දරුවාගේ ආදරයට තිතක් කොමාවක් තියාවී.  


             කෙලිලොල් තරුණ ජිවිතයට සමුදිය යුතුව කසාදයක් බැඳගන්න ඕනා වයසෙ ඉන්න යහළු යෙහෙලියන් කීදෙනෙක් තාම තනිකඩව අවට ඉන්නවද. බොහොමයක් දෙනා ඉතා හොඳ ආර්ථික ශක්තියක් තියෙන, කැත නැති, ඔය කියන ජංගම දුරකතනයද අතේ ඇති whatsapp, viber, instagram, facebook, messenger මෙකී නොකී මානයන් අතපත ගාන එ මානයන්හී පුර්ණකාලීන සාමාජිකත්වය  දරන්නොද වෙති. තවද ඔවුහු වරක් හො කිහිප වරක් පෙමින් බැඳි ඇති ආදරයට ආදරය කරන්න දන්නා අතිශය සාමාන්‍ය චරිතයන්ය෴

                      අතීතයට පොඩ්ඩ්ක් හැරමුකො. ජංගම දුරකතනයක් තියා ස්ථාවර දුරකතනයක් වත් නැති, ලියුම් මගින් ගනුදෙනු කරන කාලේ අදට වඩා ඉතා සාර්ථක මෙන්ම සුන්දර ආදර කතා තිබුණා කියන එක මාගෙ විශ්වාසයයි. ඇයි මම එහෙම කියන්නෙ... ඔයාගේ වපසරියෙ කසාද නොබැඳපු තරුණ චරිත වලට වඩා වැඩිමහළු චරිත අඩුද, වැඩිද කියලා පොඩ්ඩ්ක් හිතලා බලන්න. එමෙන්ම සතුටින් සාමුහිකව ජීවත් වන තරුණ චරිත වලට වඩා වැඩිමහළු චරිත අඩුද වැඩිද? එහෙනම් අපිට කොහෙ හරි තැනක වැරදිලා෴

                    තදාසන්න ප්‍රදේශයක මම රැකියා කල ස්ථානයක සහෘදයෙක් කෙටි කෑම විකුණන ලොරි රියක් අසල ප්ලේන්ටියක් තොල ගාන අවස්ථාවක ඔහුගේ ආදර කතාව බෙදාගත්තේ මෙහෙමයි. "මල්ලී, අපි දෙන්නා බැලත් දැන් අවුරුදු 10ට කිට්ටුයිනේ. අපිට ඒ කාලේ හෑන්ඩ් ෆෝන් තිබ්බේ නැ බං ලෑන්ඩ් ලයින් එකක් ගෙදර තිබ්බා. ඒ කාලේ අක්කාටයි මටයි හම්බවෙන්න පුළුවන් උනේ සෙනසුරාදාට විතරයි. අක්කා ඉතින් ගෙදරට කතා කරනවා හොස්ටල් එකේ ඉඳලා. ගෙදර කවුරුවත් දැනන් හිටියේ නැ ඔය සමබන්දය ගැන. ගෙදරට කෙල්ලෙක් කතා කලාම ඉතින් දන්නවනේ මල්ලි... දොර මුල්ලට වෙලා දොර රෙද්දට මුවා වෙලා ගෙදර ඇති කරන පුසගේ ඉඳලා ජන්ද කොලේ ගෘහ මුලිකයාගේ නමට ඉදිරියෙන් නම ලියන කෙනාට වෙනකන් කන් දීගෙන ඉන්නවා කියලා. ඉතින් අපිට උබලට වගේ මල් කඩන්න චාන්ස් නැ. හැබැයි අපි ගේම ඇත හැරියේ නැ. සැපට දුක් විඳලා පතාගෙන ආපු විදිහට ඔතාගෙන ගියා" 



කේරල ගංජා හා කල්ලූ මලයාලම් ගුරුකම්

                                                  මේක දවස් කීයපක ඉදලා ලියන්න ඕනා කියලා හිතාගෙන හිටපු දෙයක්. කතාව මෙහෙම පටන් ගන්නම්​කො. කේරලය...